ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 1:4 - Sinhala New Revised Version 2018

එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට දාවිත්: එහි සිදුවුණේ කිමෙක්දැයි මට කියන්නැයි ඔහුට කීවේය. ඔහු උත්තරදෙමින්: සෙනඟ යුද්ධයෙන් පලාගියෝය, සෙනඟගෙන් බොහෝ දෙනෙක්ද වැටී මළෝය; සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද මැරුණෝයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 1:4
6 හුවමාරු යොමු  

“ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය.


එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය.


යහපත් ආරංචියක් ගෙනෙමි යි සිතාගෙන එක් කෙනෙක්, ‘සාවුල් මැරුණේ ය’යි මට දැන්වූ විට මම ඔහු අල්ලා ශික්ලග්හි දී මරා දැමුවෙමි. ඔහු ගෙනා ආරංචියට මා විසින් දෙන ලද ප්‍රතිවිපාකය එය වේ.


ඒ මිනිසා කතා කොට, “යුද්ධ භූමියේ සිට ආ තැනැත්තා මම ය; එතැන සිට මෙතැනට අද මම දුවගෙන ආවෙමි”යි ඒලීට කීවේ ය. ඒලී ද, “මාගේ පුත්‍රය, එහි සිදුවුණේ කිමෙක් දැ”යි ඇසී ය.