ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 9:19 - Sinhala New Revised Version 2018

එවිට ඔහු දෙ වන අසරුවෙකු යැවී ය. ඔහු ද ඔවුන් ළඟට අවුත්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් ද’ කියා රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔහු දෙ වන අසරුවෙකු යැවී ය. ඔහු ද ඔවුන් ළඟට අවුත්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් ද’ කියා රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඔහු දෙවෙනි අසරුවෙකු යැවීය, ඔහුද ඔවුන් ළඟට ඇවිත්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 9:19
5 හුවමාරු යොමු  

එකල ජේහු තම ස්වාමියාගේ සේවකයන් වෙත ආවේ ය. එක් කෙනෙක් කතා කොට, “සියල්ල හොඳින් තේරුණා ද? ඒ පිස්සා ඔබ ළඟට ආවේ කුමක්නිසා දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඒ මනුෂ්‍යයාත්, ඔහුගේ කතාවත් ඔබ දන්නවා නොවේ දැ”යි ඔවුන්ට කී ය.


ජෙශ්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා ජේහුගේ හමුදාව එනු දැක, “හමුදාවක් මට පෙනේ ය”යි කී ය. ජෝරාම් ද, “ඔබ අසරුවෙකුට අඬගසා ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි අසන්නට ඔවුන්ගේ පෙරමඟට යවන්නැ”යි කී ය.


මෙසේ එක් කෙනෙක් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ පෙරමඟට ගොස්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය. මුරකාරයා කතා කොට, “පණිවුඩකාරයා ඔවුන් ළඟට පැමිණි නමුත් ආපසු නොඑන්නේ ය”යි කී ය.


මුරකාරයා ද, “ඔහු ඔවුන් ළඟට පැමිණි නමුත් නැවත නොඑන්නේ ය. රථය පදවන්නා එය පදවන්නේ නම්, නිම්ෂිගේ පුත් ජේහුගේ මෙහෙයවීම මෙන් ය. කුමක් නිසා ද ඔහු උමතුවෙන් මෙන් පදවන්නේ ය”යි දැන්නුවේ ය.


“අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක.