ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, “මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, ‘ස්නානය කොට පවිත්‍ර වන්නැ’යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ”යි ඇසූ හ.
2 රාජාවලිය 7:13 - Sinhala New Revised Version 2018 සේවකයන්ගෙන් එක් කෙනෙක් උත්තර දෙමින්, “නුවර ඉතිරි ව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන කඳවුර බැලීම සඳහා මනුෂ්‍යයන් යවමු. මෙහි ඉතිරි ව සිටින මුළු ඉශ්රායෙල් සමූහය මෙන් ඔවුන් ද මැරෙනු ඇතැ”යි කී ය. Sinhala New Revised Version සේවකයන්ගෙන් එක් කෙනෙක් උත්තර දෙමින්, “නුවර ඉතිරි ව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන කඳවුර බැලීම සඳහා මනුෂ්‍යයන් යවමු. මෙහි ඉතිරි ව සිටින මුළු ඉශ්රායෙල් සමූහය මෙන් ඔවුන් ද මැරෙනු ඇතැ”යි කී ය. Sinhala Revised Old Version සේවකයන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: නුවර ඉතුරුව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන ගොස් බලන්ට මනුෂ්‍යයන් යවමු, ඔවුන් මෙහි ඉතුරුව සිටින මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්ය; ඔවුන් විනාශවූ මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්යයි කීවේය. |
ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, “මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, ‘ස්නානය කොට පවිත්‍ර වන්නැ’යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ”යි ඇසූ හ.
ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.
රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.
ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝ ය. “එහි ගොස් බලන්න” කියා රජ සිරියන් සේනාව පස්සේ ඔවුන් යැවී ය.
අපි නුවරට ඇතුළුවෙමු යි කීවත් නුවර තුළ සාගතය තිබෙන නිසා අප එහි නසිනු ඇත. මෙහි සිටියත් නසිනු ඇත. එබැවින් දැන් එන්න, අපි සිරියන්වරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත්වන්නෙමු. ඔවුන් අප මැරුවොත් අපට මරණය පමණක් සිදු වනු ඇතැ”යි කී හ.
මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”
සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය. මන්ද, මොවුහු කෙතේ අස්වැන්න නැති බැවින් කෙමෙන් පීඩිත වී, ක්ෂය වී යති.