2 රාජාවලිය 4:3 - Sinhala New Revised Version 2018 එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. Sinhala New Revised Version එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. Sinhala Revised Old Version එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න. |
එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් භාජනයක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය.
ඔබත්, ඔබේ පුත්රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය.
මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.
මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්රීතිය පූර්ණ වන්නේ ය.”
“භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය.