ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.
2 රාජාවලිය 3:7 - Sinhala New Revised Version 2018 තවද, ඔහු ගොස් ජුදාහි රජු වන ජෙහෝෂාපාට් වෙත පණිවුඩයක් යවමින්, “මෝවබ්හි රජ මට විරුද්ධ ව කැරලි ගැසී ය. ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධ ව යුද්ධයට යන්නෙහි දැ”යි අසා ඇරියේ ය. ඔහු ද, “යන්නෙමි. මම ඔබ මෙන් සූදානම් ය. මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ද, මාගේ අශ්වයෝත් ඔබේ අශ්වයන් මෙන් ද සූදානම් ය”යි කී ය. Sinhala New Revised Version තවද, ඔහු ගොස් ජුදාහි රජු වන ජෙහෝෂාපාට් වෙත පණිවුඩයක් යවමින්, “මෝවබ්හි රජ මට විරුද්ධ ව කැරලි ගැසී ය. ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධ ව යුද්ධයට යන්නෙහි දැ”යි අසා ඇරියේ ය. ඔහු ද, “යන්නෙමි. මම ඔබ මෙන් සූදානම් ය. මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ද, මාගේ අශ්වයෝත් ඔබේ අශ්වයන් මෙන් ද සූදානම් ය”යි කී ය. Sinhala Revised Old Version තවද ඔහු ගොස් යූදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය. |
ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.
එලිෂා මියගොස් තැන්පත් කරනු ලැබී ය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදා දේශයට ඇතුළු වූ හ.
ඔහු කතා කොට, “අපි කුමන පාරකින් යමු දැ”යි ඇසී ය. “ඒදොම් පාළුකරයේ පාරෙන් ය”යි ඔහු උත්තර දුන්නේ ය.
මෙසේ ඉශ්රායෙල්හි රජ ද ඒදොම්හි රජ ද ජුදාහි රජ ද පිටත් ව ගියහ. ඔවුන් සත් දවසක් වැරදි මඟකින් යද්දී සේනාවටත්, ඔවුන් සමඟ ගිය සිව්පාවුන්ටත් වතුර නැති විය.
ඉශ්රායෙල් රජ වන ආහබ් ජුදාහි රජ වන ජෙහෝෂාපාට්ට නැවත කතා කොට, “ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසුවේ ය. ඔහු ද උත්තර දෙමින්, “මමත් ඔබ මෙන් සටනට සූදානම් ය; මාගේ සෙනඟත්, ඔබේ සෙනඟ මෙන් සටනට සූදානම් ය. යුද්ධයේ දී අපි ඔබ සමඟ සිටින්නෙමු”යි ඔහුට කීවේ ය.
එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.