ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ.
2 රාජාවලිය 24:11 - Sinhala New Revised Version 2018 ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය. Sinhala New Revised Version ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය. Sinhala Revised Old Version ස්වකීය සේවකයන් නුවර වටලාගන සිටිද්දී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද එතැනට ආයේය. |
ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ.
එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
නුවරින් පිටත මා සමඟ සාමය පිහිටුවන්න. එවිට එතුමා ධාන්‍ය හා මුද්‍රික පානය ද කෑම හා මිදි වතු ද ඇති ඔබේ දේශයට සමාන වූ දේශයකට ගෙන ගොස් ඔබ පදිංචි කරවන තුරු ඔබ කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නත්, තම තමන්ගේ ළිඳෙන් බොන්නත් ඉඩ දෙන්නේ ය.
“මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.