ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 23:4 - Sinhala New Revised Version 2018

එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන කාණ්ඩයේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන පංතියේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට බාල්ටත් අෂේරාටත් මුළු අහස් සේනාවටත් සාදා තිබුණ සියලු භාජන ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙනයන්ට කියා රජ නායක පූජකවූ හිල්කියාටත් දෙවෙනි පංක්තියේ පූජකයන්ටත් දොරටු පාලයන්ටත් අණකෙළේය. ඔහු යෙරුසලමෙන් පිටත කිද්‍රොන් භූමිවල ඒවා පුලුස්සාදමා, ඒවායේ අලු බෙතෙල්ට ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 23:4
35 හුවමාරු යොමු  

මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.


ඔහු එකෙකු බෙතෙල්හි සිටුවා අනිකා දාන්හි තැබී ය.


සිය මව වන මයකා අෂේරා කප් කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින්, ඔහු ඈ මව් බිසෝකමෙන් අහක් කර, ඒ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමී ය.


තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.


ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල්‍ කන්දට රැස් කරන්නැ”යි කී ය.


ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, “අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝ ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ.


එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.


එසේ වුවත්, බාල් දේවතාවාට නොනැමූ දණ ඇති, ඔහු සිප නොගත් මුඛ ඇති සත්දහස්දෙනෙකු ඉශ්රායෙල්වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙමි”යි වදාළ සේක.


තවද, ඔව්හු බාල්ගේ දේවාලයේ ශිලාස්තම්භය පිටතට ගෙනවුත් පුළුස්සාදමා,


පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම් ද නායක පූජකයා ද අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ඒ මුදල් ගණන් කරමින් පසුම්බිවල දමා බැන්දෝ‍ ය.


ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය.


තමාගේ පිය වූ හෙසකියා නැති කළ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්රායෙල්හි රජ වූ ආහාබ් සෑදූ පරිදි අෂේරා කප් කණු ද සෑදුවේ ය. ඔහු ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මළු දෙකෙහි මුළු ආකාශ වස්තූන්ටත් පූජාසන ගොඩනැඟුවේ ය.


තමා සෑදූ අෂේරා කප් කණු හා රූප ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහි ද මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගනු ලැබූ ජෙරුසලමේ ද මාගේ නාමය සදහට ම තබන්නෙමි.


“ඔබ නායක පූජකයා වන හිල්කියා වෙත ගොස්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලද, දොරටු පාලකයන් සෙනඟගෙන් එකතු කරගත් මුදල් භාර දෙන ලෙස ඔහුට දන්වන්න.


ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතැනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය.


තවද, බෙතෙල්හි තිබූ පූජාසනය ද ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් සෑදූ ගිරිකුළු දේවාල ද වන එහි පූජාසනයත්, ගිරි මුදුනත් ඔහු කඩාදමා, ඒ දේවාලය පුළුස්සාදමා කුඩු කර, අෂේරා කප් කණුව ද පුළුස්සාදැමී ය.


රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.


ආසා රජුගේ මව වූ මයකා විසින් අෂේරා දේවතාවියට පිළිකුල් රූපයක් සාදනු ලැබූ නිසා, ආසා ඇය බිසෝකමෙන් අහක් කර, ඇගේ පිළිම කප් කණුව කපා දමා, සුණු කර, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමුවේ ය.


තම පිය වූ හෙසකියා කඩාදැමූ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දේවතාවන්ට පූජාසන ඉදි කොට අෂේරා කප් කණු සෑදුවේ ය. ඔහු අහසේ ග්‍රහතාරකාවන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය.


ඔහු සෑදූ දේවතා රූපය ද දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන දෙවියන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහිත්, මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගනු ලැබූ ජෙරුසලමෙහිත් මාගේ නාමය සදහට ම පවතින්නට සලසන්නෙමි.


විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.


තවද, රැකවල් සේනාවේ අධිපතියා, උත්තම පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපනියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.


නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය.


උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම්, මාගේ ශුද්ධස්ථානයෙන් මා පලවා හරින පිණිස ඉශ්රායෙල් සෙනඟ මෙහි කරන මහා පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ නැද් ද? මීටත් වඩා පිළිකුල් දෙයක් නැවතත් නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.


“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.


“බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු.


“මම ජුදාට ද ජෙරුසලමේ සියලු සෙනඟට ද විරුද්ධ ව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකාදමන්නෙමි.


එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී,


පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.


ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇළෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක.


ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය.