ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට,
2 රාජාවලිය 23:23 - Sinhala New Revised Version 2018 ඒ පාස්කුව සමිඳාණන් වහන්සේ උදෙසා ජෙරුසලමේ පවත්වන ලද්දේ ජොෂියා රජුගේ දහඅට වන අවුරුද්දේ දී ය. Sinhala New Revised Version ඒ පාස්කුව සමිඳාණන් වහන්සේ උදෙසා ජෙරුසලමේ පවත්වන ලද්දේ ජොෂියා රජුගේ දහඅට වන අවුරුද්දේ දී ය. Sinhala Revised Old Version ඒ පාස්කුව ස්වාමීන්වහන්සේ උදෙසා යෙරුසලමේ පවත්වනලද්දේ යොෂියා රජුගේ දහඅටවෙනි අවුරුද්දේදීය. |
ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට,
ඉශ්රායෙල්වරුන් පාලනය කළ වීර පුරුෂයන්ගේ දවස්වල පටන් ඉශ්රායෙල් රජුන්ගේ ද ජුදා රජුන්ගේ ද මුළු කාලයෙහි සැබැවින් ම එබඳු පාස්කුවක් නොපවත්වන ලදී.
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී ඔබ එය පුළුස්සා අනුභව කර, උදය කාලයේ ආපසු හැරී ඔබේ කූඩාරම්වලට යා යුතු ය.