ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 21:26 - Sinhala New Revised Version 2018

උශ්ශාගේ උයනේ තිබූ ඔහුගේ පියාගේ සොහොන්ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උශ්ශාගේ උයනේ තිබූ ඔහුගේ පියාගේ සොහොන්ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උස්සාගේ උයනේ තිබුණ ඔහුගේ සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 21:26
7 හුවමාරු යොමු  

තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සමිඳාණන් වහන්සේගේ අණ පරිදි, දුන් ලකුණ හැටියට පූජාසනය පැළී, අළු පූජාසනයෙන් විසිරී වැටිණි.


මනස්සේ මියගිය පසු තමාගේ ගෙට අයිති උයන වන උශ්ශාගේ උයනෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.


ආමොන් කළ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙදිදා ය. ඈ බෝශ්කාත්හි අදායාගේ දුවකි.


ඔහුගේ පුත්‍රයා ආමොන් ය; ඔහුගේ පුත්‍රයා ජොෂියා ය.


ආමොන්ගේ පුත්, ජුදාහි රජ ව සිටි ජොෂියාගේ කාලයේ දී සමිඳාණන් වහන්සේ ශෙපනියාට දුන් පණිවුඩය මේ ය. ශෙපනියා වනාහි හෙසකියාගේ පුත් අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත් වූ කුෂිගේ පුත්‍රයා ය.


හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද,