ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 20:7 - Sinhala New Revised Version 2018

එවිට යෙසායා, “අත්තික්කා පැලැස්තරයක් ගෙනෙ‍න්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට යෙසායා, “අත්තික්කා පැලැස්තරයක් ගෙනෙ‍න්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට යෙසායා: අත්තික්කා කැටියක් ගෙනෙන්නැයි කීය. ඔව්හු ගෙනවුත් එය ගෙඩිය පිට තැබුවෝය, එවිට ඔහුට සුවවිය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 20:7
5 හුවමාරු යොමු  

නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතු කරන්නෙමි. මම අසිරියාවේ රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මේ නුවර රැකගන්නෙමි’ කියා කියන්නැ”යි පැවසී ය.


හෙසකියා යෙසායාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මා සුවපත් කරන බවටත්, තුන් වන දා මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවටත් ලකුණ කිමෙක් දැ”යි ඇසී ය.


ඔවුන්ට ඒවා කන්න නොහැකි විය. ඔහු ද, “එසේ වී නම් පිටි ටිකක් ගෙනෙ‍න්නැ”යි ඒවා සැළියෙහි දමා, “කන පිණිස සෙනඟට වත් කර දෙන්නැ”යි කී ය. එවිට සැළියෙහි කිසි විසක් නො වී ය.


යෙසායා කතා කොට, “අත්තික්කා පලවලින් සාදාගත් විලේපනයක් වණය පිට තබන්නැ”යි ද, “එවිට සුවය ලැබෙන්නේ ය”යි ද රජුට කීවේ ය.