ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
2 රාජාවලිය 18:22 - Sinhala New Revised Version 2018 ‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද? Sinhala New Revised Version ‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද? Sinhala Revised Old Version නුමුත්-අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමුයයි නුඹලා සමහරවිට මට කියනවා ඇත. නුමුත් නුඹලා යෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා, හෙසකියා උන්වහන්සේගේ උස් තැන්ද පූජාසනද පහකරදැමුවා නොවේද? |
ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න.
මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.
ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද?
ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ඔබ සමහරවිට, ‘අපේ දෙවි වන සමිඳාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු’යි මට කියනවා ඇත. එහෙත්, එම දෙවි සමිඳාණන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත්, එක ම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කෙළේත් හෙසකියා රජු ම නොවේ ද?
මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ.
තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.
සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.
ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.