ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 17:28 - Sinhala New Revised Version 2018

මෙසේ ඔවුන් සමාරියෙන් ගෙන ගිය පූජකයන්ගෙන් එක් කෙනෙක් අවුත් බෙතෙල්හි වාසය කොට, සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පෑ යුතු අන්දම ඔවුන්ට ඉගැන්වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ ඔවුන් සමාරියෙන් ගෙන ගිය පූජකයන්ගෙන් එක් කෙනෙක් අවුත් බෙතෙල්හි වාසය කොට, සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පෑ යුතු අන්දම ඔවුන්ට ඉගැන්වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ ඔවුන් සමාරියෙන් ගෙනගිය පූජකයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් බෙතෙල්හි වාසයකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවිය යුතු අන්දම ඔවුන්ට ඉගැන්නුවේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 17:28
7 හුවමාරු යොමු  

එවිට අසිරියාවේ රජ අණ කරමින්, “ඔබ එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක් කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසය කරමින් ඒ දේශයේ දෙවියන් නමදින අන්දම ඔවුන්ට උගන්වා දේ වා”යි කී ය.


එසේ වුවත්, ඒ ජාතීහු තම තමන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ජාතීන් විසූ නගරවල තිබූ ගිරිකුළු දේවාලවල ඒවා තැබූ හ.


සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.


ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.


පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.


ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.