එසේ නමුත්, බෙතෙල්හි ද දාන්හි ද තිබූ රන් වස්සන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ජේහු ඉවත් නො වී ය.
2 රාජාවලිය 17:22 - Sinhala New Revised Version 2018 මෙසේ සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන් දිවැසිවරුන් ලවා කියෙවූ ලෙස ඉශ්රායෙල් ජනයා තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු ජෙරොබෝවම් කළ සියලු ම පාපවලින් ඉවත් නොවී, ඒවායෙහි හැසුරුණෝ ය. Sinhala New Revised Version මෙසේ සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන් දිවැසිවරුන් ලවා කියෙවූ ලෙස ඉශ්රායෙල් ජනයා තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු ජෙරොබෝවම් කළ සියලු ම පාපවලින් ඉවත් නොවී, ඒවායෙහි හැසුරුණෝ ය. Sinhala Revised Old Version මෙසේ ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා කියෙවු ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු යෙරොබොවම් කළ සියලුම පාපවලින් අහක් නොවී ඒවායෙහි හැසුරුණෝය. |
එසේ නමුත්, බෙතෙල්හි ද දාන්හි ද තිබූ රන් වස්සන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ජේහු ඉවත් නො වී ය.
එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඉවත් නොවී ඒවායේ හැසුරුණේ ය.
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින් ඉශ්රායෙල්වරුන්ට පව් කිරීමට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නොවී සිටියේ ය.
එසේ වී නමුත්, ඔව්හු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ වංශයේ පාපවලින් ඉවත් නොවී ඒවායෙහි හැසුරුණෝ ය. අෂේරා කප් කණු ද ඒ වන තෙක් සමාරියෙහි තිබිණි.
ඔහු තමාගේ පියවරුන් කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නො වී ය.
එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය.
එසේ වුවත්, ඔහු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් අහක් නොවී ඒවා දිගට ම කරගෙන ගියේ ය.
දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.