ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.
2 රාජාවලිය 15:16 - Sinhala New Revised Version 2018 එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය. Sinhala New Revised Version එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය. Sinhala Revised Old Version එකල මෙනහෙම් තිප්සාටත් එහි සිටි සියල්ලන්ටත් තීර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහරදී එහි සිටි සියලු ගර්භීණීන් ඉරාදැමුවේය. |
ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.
ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය.
දෙවියන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින් සමාරිය දඬුවම් ලබන්නී ය. සමාරිය වැසියෝ යුද්ධයේ දී විනාශ වන්නාහ. අත දරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ගර්භණීන් ඉරාදමනු ඇත.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අම්මොන්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් තමන්ගේ දේශ සීමාවන් පළල් කරගන්න පිණිස ගිලියද්හි ගැබිණියන් දෙපළු කර දැමූ නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.
අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය.