ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 14:29 - Sinhala New Revised Version 2018

ජෙරොබෝවම් ද මියගියේ ය. ඔහුගේ පුත් සෙකරියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරොබෝවම් ද මියගියේ ය. ඔහුගේ පුත් සෙකරියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙරොබොවම්ද තමාගේ පියවරුන් වන ඉශ්‍රායෙල් රජුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ සෙකරියා ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 14:29
5 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, “නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක.


ජෙරොබෝවම්ගේ අනික් ක්‍රියාත්, ඔහු කළ සියල්ලත්, ඔහුගේ වික්‍රම එනම්, ඔහු යුද්ධ කළ හැටිත්, ජුදාට අයිති ව තිබූ දමස්කය ද හමාත් ද ඔහු නැවත ඉශ්රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය.


මෙය වනාහි ‘නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝ ය”යි සමිඳාණන් වහන්සේ ජේහුට වදාළ වචනය වේ. එය එලෙස ම සිදු විය.


ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්අට වන අවුරුද්දේ දී ජෙරොබෝවම්ගේ පුත් ශෙකරියා සමාරියේ ඉශ්රායෙල්හි හය මාසයක් රජකම් කෙළේ ය.