සලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශියොන්-ගෙබෙර්හි නැව් කණ්ඩායමක් සෑදවී ය.
2 රාජාවලිය 14:22 - Sinhala New Revised Version 2018 රජු මියගිය පසු ඔහු ඒලත් ගොඩනඟා එය ජුදා රටට නැවත අයිති කරගත්තේ ය. Sinhala New Revised Version රජු මියගිය පසු ඔහු ඒලත් ගොඩනඟා එය ජුදා රටට නැවත අයිති කරගත්තේ ය. Sinhala Revised Old Version රජ තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලත් ගොඩනගා එය යූදාට නැවත අයිතිකරගත්තේය. |
සලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශියොන්-ගෙබෙර්හි නැව් කණ්ඩායමක් සෑදවී ය.
එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය.
ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ පුත් අමශියාගේ පසළොස් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් සමාරියෙහි රජ වී සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය.
ඒ කාලයේ දී සිරියාවේ රජ වන රෙශින්, ඒලත් දේශය නැවත සිරියාවට ලබාගෙන ජුදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමී ය. සිරියන්වරු ඒලත්ට අවුත් අද වන තුරු එහි වසති.
“අපි ද අපගේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි සේයිර් කඳුකරය පසු කොට, ඒලත් සහ එශියොන්-ගෙබෙර් නම් ස්ථානවලින් මිටියාවත ඔස්සේ ගොස්, යළි හැරී මෝවබ්හි පාළුකරය මැදින් ගියෙමු.