2 රාජාවලිය 14:21 - Sinhala New Revised Version 2018 එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය. Sinhala New Revised Version එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය. Sinhala Revised Old Version එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය. |
ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය.
ජාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ජුදාහි රජ වන උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී රජ වී මාසයක් සමාරියෙහි රජකම් කෙළේ ය.
එහෙත්, දේශයේ සෙනඟ, ආමොන් රජුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළහ.
එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් වන උශ්ශියා තෝරාගෙන ඔහුගේ පිය වූ අමශියා වෙනුවට ඔහු රජකමට පත් කළෝ ය.