එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
2 රාජාවලිය 13:24 - Sinhala New Revised Version 2018 සිරියාවේ රජ වූ හසායෙල් මළේ ය. ඔහුගේ පුත් බෙන්-හදද් ඔහු වෙනුවට රජ විය. Sinhala New Revised Version සිරියාවේ රජ වූ හසායෙල් මළේ ය. ඔහුගේ පුත් බෙන්-හදද් ඔහු වෙනුවට රජ විය. Sinhala Revised Old Version සිරියේ රජවූ හසායෙල් මළේය; ඔහුගේ පුත්‍රවූ බෙන්-හදද් ඔහු වෙනුවට රජවුණේය. |
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
එහෙත්, සමිඳාණන් වහන්සේ ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණා කොට ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන් සැලකූ සේක. උන් වහන්සේ ඔවුන් නැති කරන්නට අකමැති ව ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් ඉවත නොදමා සිටි සේක.
ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් තමාගේ පිය වූ ජෙහෝවාහාස් අතින්, හසායෙල් විසින් යුද්ධ කොට අල්ලා ගනු ලැබූ නගර ඔහුගේ පුත්‍රයා වූ බෙන්-හදද් අතින් නැවත අල්ලාගත්තේ ය. ජෝවාෂ් තුන් වරක් ඔහුට පහර දී ඉශ්රායෙල් නගර ආපසු අල්ලාගත්තේ ය.
සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඇවිළී ඒ කාලය මුළුල්ලෙහි උන් වහන්සේ සිරියාවේ රජු වන හසායෙල් අතටත්, හසායෙල්ගේ පුත් බෙන්-හදද් අතටත් ඔවුන් පාවා දුන් සේක.
අදමිටු අය දමිටු අයගේ දේශය සදා පාලනය නොකරති. එසේ කළොත්, දමිටු අය වුව ද අදමිටු දේ කිරීමට පෙළඹෙන්නෝ ය.
දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද?