එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
2 රාජාවලිය 12:17 - Sinhala New Revised Version 2018 එකල සිරියාවේ රජ වන හසායෙල් අවුත් ගාත් නගරයට විරුද්ධ ව යුද්ධ කොට එය අල්ලාගෙන, ජෙරුසලමටත් විරුද්ධ ව පහර දෙන්නට තීරණය කරගත්තේ ය. Sinhala New Revised Version එකල සිරියාවේ රජ වන හසායෙල් අවුත් ගාත් නගරයට විරුද්ධ ව යුද්ධ කොට එය අල්ලාගෙන, ජෙරුසලමටත් විරුද්ධ ව පහර දෙන්නට තීරණය කරගත්තේ ය. Sinhala Revised Old Version එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය. |
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය ජේහු විසින් මරනු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා විසින් මරනු ලබත්.
හසායෙල් ජොර්දාන්ට නැගෙනහිරින් තිබෙන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත් වූ අර්ණොන් මිටියාවත ළඟ වූ අරෝයෙර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත්, රූබන්වරුන්ටත්, මනස්සේවරුන්ටත් පහර දුන්නේ ය.
සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඇවිළී ඒ කාලය මුළුල්ලෙහි උන් වහන්සේ සිරියාවේ රජු වන හසායෙල් අතටත්, හසායෙල්ගේ පුත් බෙන්-හදද් අතටත් ඔවුන් පාවා දුන් සේක.
තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.
මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.
බෙරියා සහ ෂෙමා අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ වූ හ. ඔව්හු ගාත්හි වැසියන් පන්නා දැමූ හ.
එම්බා, ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස, සමිඳාණන් වහන්සේගේ වචනය අහන්න. මෙසේ වදාරන්නේ ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා මිසර දේශයට පා තබා එහි ගොස් ජීවත් වන්නට ඉටාගන්නහු නම්,
“පාප පූජාවට වලංගු නීතිය වන්දි ගෙවීමේ පූජාවට ද වලංගු වේ. පූජා ඔප්පු කරන පූජකවරයාට ඒවා අයිති ය.
උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.
“ඔවුන්ගේ හමුදා සාහසික ලෙස ඉදිරියට එති. ඔවුන් ආක්‍රමණය කරන විට සෙනඟ තැතිගෙන සිටිති. ඔවුන් වහල්කමට ගන්න අයගේ ගණන වැලි හා සමාන ය.
ගින්නෙන් නොදවා පුදන අතිශුද්ධ පූජාවලින් නුඹලාට හිමි කොටස මෙය වනු ඇත. ඔවුන් මට පූජා කරන සෑම ධාන්‍ය පූජාවක් ම, පාප පූජාවක් ම, වන්දි ගෙවීමේ පූජාවක් ම නුඹටත්, නුඹේ දරුවන්ටත් අතිශුද්ධ වනු ඇත.
තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන්
එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ.
මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ.