2 රාජාවලිය 12:13 - Sinhala New Revised Version 2018 එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා, Sinhala New Revised Version එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා, Sinhala Revised Old Version එහෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහය නිසා රිදී කුසලාන්ද පහන් කතුරුද තලිද හොරණෑද යම් රන් භාජන හෝ රිදී භාජනද නොසාදා, |
වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.
පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.
“තැළූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහාත්, කූඩාරම් ගැලවීම සඳහාත් ඒවා භාවිතා කළ යුතු ය.