ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 11:5 - Sinhala New Revised Version 2018

“ඔබ කරන්නට ඕනෑ දේ මේ ය: සබත් දවසේ දී ඇතුළු වන ඔබෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබ කරන්නට ඕනෑ දේ මේ ය: සබත් දවසේ දී ඇතුළු වන ඔබෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා විසින් කරන්ට ඕනෑ දේ මේය–සබත් දවසේදී ඇතුල්වෙන නුඹලාගෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 11:5
12 හුවමාරු යොමු  

ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.


තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය.


තුනෙන් කොටසක් සූර් දොරටුවේ ද, තුනෙන් කොටසක් මුරකාරයන්ට එපිටින් තිබෙන දොරටුවේ ද සිටින්න. මෙසේ මාලිගාව මුරකර ආරක්ෂා කරන්න.


සබත් දවසේ යාම පිණිස මාලිගාවෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගය ද රජුට ඇතුළු වීමට තිබුණ බාහිර ස්ථානය ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව දෙසට හරවා තැබී ය.


සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.


ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය.


ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ.