ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 10:7 - Sinhala New Revised Version 2018

තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්වා, හැත්තෑ දෙනෙක් වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා, ඔහු වෙතට යෙස්‍රෙයෙල්ට යැවුවෝය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 10:7
9 හුවමාරු යොමු  

නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ‍ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය.


බලන්න ‘මම නුඹ පිට විපත පමුණුවා නුඹ සහමුලින් ම අහකට නෙරපාදමා, නුඹේ පවුලට අයත් සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත්, නිර්දාසයන් වුවත්, මරා දමා,


එවිට ඔහු දෙ වන වර ඔවුන්ට ලියුමක් ලියා, “ඔබ මාගේ පක්ෂයට සිට, මාගේ හඬට ඇහුම්කන් දෙන්නහු නම්, ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා වෙත ජෙශ්‍රෙයෙල් නගරයට එන්නැ”යි කියා හැරියේ ය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩි කළ නුවර ප්‍රධානීන් වෙත සිටියෝ ය.


එවිට පණිවුඩකාරයෙක් අවුත්, “රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනවුත් තිබේ ය”යි ඔහුට දැන්වී ය. “හෙට වන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැ”යි ඔහු කී ය.


පසු දා උදෑසන ඔහු පිටතට ගොස් සිටගෙන, මුළු සෙනඟට කතා කොට, “ඔබ නිර්දෝෂ ය. මම මාගේ ස්වාමියාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි. එහෙත්, මොවුන් සියල්ලන් මැරුවේ කවරෙක් ද?


අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය.


ජෙහෝරාම් තම පියාගේ රාජ්‍යයට පැමිණ බලවත් වූ කල, තමාගේ සියලු සහෝදරයන් ද ඉශ්රායෙල්හි සමහර අධිපතීන් ද කඩුවෙන් මැරී ය.