එහි ලියා තිබුණේ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත්, රථ සහ අශ්වයන් ද පවුරු ඇති නුවරක් ද යුද්ධායුධ ද තිබෙන නිසාත් මේ ලියුම ඔබට ලැබුණු වහා ම
2 රාජාවලිය 10:3 - Sinhala New Revised Version 2018 ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන, ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා ඔබේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” යනු යි. Sinhala New Revised Version ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන, ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා ඔබේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” යනු යි. Sinhala Revised Old Version නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා, නුඹලාගේ ස්වාමියාගේ වංශය උදෙසා සටන්කරන්නැයි යනුය. |
එහි ලියා තිබුණේ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත්, රථ සහ අශ්වයන් ද පවුරු ඇති නුවරක් ද යුද්ධායුධ ද තිබෙන නිසාත් මේ ලියුම ඔබට ලැබුණු වහා ම
එහෙත්, ඔව්හු අතිශයින් බිය ව කතා කොට, “බලන්න, ඒ රජවරුන් දෙදෙනාට ඔහු ඉදිරිපිට සිටින්නට නුපුළුවන් විය. එසේ නම්, අපි කෙසේ සිටිමු දැ”යි ඇසුවෝ ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.
සාමුවෙල් මුළු සෙනඟට කතා කොට, “මෙන්න, සමිඳාණන් වහන්සේ තෝරාගත් තැනැත්තා, ඔහුට සමාන අන් කිසිවෙකු සෙනඟ අතරේ නැති බව ඔබට නොපෙනේ දැ”යි කී ය. එවිට සියලු ජනයා, “මහ රජතුමා සැරදේ වා!” කියා මොරගැසූ හ.
සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.