ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 10:24 - Sinhala New Revised Version 2018

ඔව්හු යාග ද දවන පූජා ද ඔප්පු කරන්නට ඇතුළට ගියහ. එවිට ජේහු මිනිසුන් අසූ දෙනෙකු පිටත සිටුවා, “මා විසින් ඔබ අතට අසු කර දෙනු ලබන මිනිසුන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්නට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්න වේ ය”යි කියා තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු යාග ද දවන පූජා ද ඔප්පු කරන්නට ඇතුළට ගියහ. එවිට ජේහු මිනිසුන් අසූ දෙනෙකු පිටත සිටුවා, “මා විසින් ඔබ අතට අසු කර දෙනු ලබන මිනිසුන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්නට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්න වේ ය”යි කියා තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු යාගද දවන පූජාද ඔප්පුකරන්ට ඇතුළට ගියෝය. එවිට යේහු මනුෂ්‍යයන් අසූදෙනෙක් පිටත සිටුවා: මා විසින් නුඹලා අතට අසුකරදෙන මනුෂ්‍යයන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්ට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්ට වේයයි කියා තිබුණේය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 10:24
3 හුවමාරු යොමු  

එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.


ජේහු ද රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් ද බාල්ගේ දේවාලයට ගොස්, “බාල් අදහන සියල්ලන් මිස, මෙහි ඔබ සමඟ සමිඳාණන් වහන්සේගේ සේවකයන් කිසිවෙකු නොසිටින ලෙස සොයා බලන්නැ”යි බාල් අදහන්නන්ට කී ය.