ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 10:17 - Sinhala New Revised Version 2018

ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු සමාරියට ආ කල ස්වාමීන්වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගෙන් ඉතුරුව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශවනතුරු මරාදැමුවෝය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 10:17
8 හුවමාරු යොමු  

බලන්න ‘මම නුඹ පිට විපත පමුණුවා නුඹ සහමුලින් ම අහකට නෙරපාදමා, නුඹේ පවුලට අයත් සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත්, නිර්දාසයන් වුවත්, මරා දමා,


මෙසේ එලියා පැවසූ සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස ඔහු මළේ ය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම්, ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් වන ජෙහෝරාම්ගේ දෙ වන අවුරුද්දේ දී රජ විය.


ආහබ්ගේ මුළු වංශය විනාශ වන්නේ ය. ඉශ්රායෙල්වරුන් අතරේ දාසයන් ද නිර්දාසයන් ද වන ආහබ්ගේ සියලු පිරිමින් මරාදමා,


තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.