එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය.
2 රාජාවලිය 1:5 - Sinhala New Revised Version 2018 එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. “ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. Sinhala New Revised Version එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. “ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. Sinhala Revised Old Version එවිට පණිවිඩකාරයෝ රජු ළඟට හැරී ආවෝය, නුඹලා හැරී ආවේ මක්නිසාදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. |
එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය.
ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.