එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
2 තිමෝති 2:1 - Sinhala New Revised Version 2018 මා ප්‍රිය පුත්‍රය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් ශක්තිමත් වන්න. Sinhala New Revised Version මා ප්‍රිය පුත්‍රය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් ශක්තිමත් වන්න. සිංහල කාලීන පරිවර්තනය මා දරුව, එබැවින් ඔබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති අනුග්‍රහයේ ශක්තිමත් වන්න. Sinhala Revised Old Version එබැවින්, මාගේ දරුව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත්වෙන්න. |
එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.
දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
මේ හසුන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතුකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පාවුලුගෙන්, ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස් වෙතට ය.
දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය.
එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි.
එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.