2 කොරින්ති 13:3 - Sinhala New Revised Version 2018 එවිට මා තුළින් ක්‍රිස්තුන් වහන්සේ කතා කරන බවට ඔබ සොයන සාක්ෂිය ඔබට ලැබෙනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිබඳ ව දුර්වල ලෙස නොව, බලවත් ලෙස ක්‍රියා කරන සේක. Sinhala New Revised Version එවිට මා තුළින් ක්‍රිස්තුන් වහන්සේ කතා කරන බවට ඔබ සොයන සාක්ෂිය ඔබට ලැබෙනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිබඳ ව දුර්වල ලෙස නොව, බලවත් ලෙස ක්‍රියා කරන සේක. සිංහල කාලීන පරිවර්තනය එසේ කරන්නේ, මා තුළින් ක්‍රිස්තුස්වහන්සේ කතා කරන බවට ඔබ ඔප්පු-සාක්ෂි ඉල්ලා සිටින බැවිනි. උන්වහන්සේ ඔබ කෙරෙහි දුර්වලව නො ව ඔබ අතරේ බලවත්ව සිටින සේක. Sinhala Revised Old Version මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා තුළ කථාකරන බවට නුඹලා ඔප්පුවක් සොයන්නහුය; උන්වහන්සේ නුඹලා කෙරෙහි දුර්වලව නොව නුඹලා අතරෙහි බලවත්ව සිටිනසේක. |
මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.
ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි.
ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.
අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය.
සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, අපෝස්තුළුවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි.
යම් කරුණක් නිසා යමෙකුට ඔබ කමා වන්නහු නම්, මම ද කමා වෙමි. මා එසේ කමා වී ඇත්නම්, කමා වී ඇත්තේ, ක්‍රිස්තුන් වහන්සේ අබිමුවෙහි ඔබ උදෙසා ය.
සියල්ලෙහි දී ඔබ නිතර ම සියලු අයුරින් අනූන ව සිටින පිණිසත්, සියලු යහපත් සේවාවන්ට නොමසුරු ව ආධාර කළ හැකි වන පිණිසත් උවමනා පමණටත් වඩා අධික ලෙස ආශීර්වාද ඔබට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන.