ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් ප්‍රේමයෙනුත් මුදු සිතිනුත් ඔබ වෙත එනවාට ද?
2 කොරින්ති 13:10 - Sinhala New Revised Version 2018 මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය. Sinhala New Revised Version මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය. සිංහල කාලීන පරිවර්තනය ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය. Sinhala Revised Old Version මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි. |
ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් ප්‍රේමයෙනුත් මුදු සිතිනුත් ඔබ වෙත එනවාට ද?
එබැවින් සිතින් ඔබ අතර සිටින මා සමඟ, අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වූ විට,
අප ක්‍රියා කරන්නේ ලෞකික චේතනාවෙන් යයි කියන අයට විරුද්ධ ව එඩිතර ව ක්‍රියා කිරීමට මට ශක්තිය ඇති බැවින්, ඔබ වෙත පැමිණි විට, එලෙස එඩිතර ව ක්‍රියා කිරීමට මා නොපොළඹවන මෙන් ඔබගෙන් මම යටහත් ලෙස ඉල්ලමි.
අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය.
විනාශයට නොව ගොඩනැඟීම පිණිස සමිඳාණන් වහන්සේ මට දුන් ආධිපත්‍යය ගැන මම සමහර විට පමණට වඩා පාරට්ටු කරගත්තත්, ඒ ගැන ලජ්ජා නොවෙමි.
මම නැවත ඔබ වෙත පැමිණියොත් මේ දක්වා පව් කළ අයටත්, අනෙක් සියල්ලන්ටත් සත්තකින් ම දඬුවම් කරන බව කියමි. ඒ බව දෙ වන වතාවේ දී ඔබ සමඟ සිටිය දී කල් තියා ඔබට කීවෙමි. දැන් ඔබෙන් ඈත් ව සිටියදීත් එසේ ම කල් තියා ඔබට කියමි.
මා ඒ ලිපිය ලිව්වේ මේ කාරණාව නිසා ම ය. මා සතුටු කළ යුතු අය අතින් ම මා සිත් වේදනාවට පත් නොවන පිණිස, ඔබ වෙත ඒමට මම කැමැති නොවීමි. මා සතුටින් සිටින විට, ඔබත් සතුටින් සිටින බවට ඔබ ගැන මට පැහැදීමක් ඇත.
පිරිසිදුකමින් ද දැනගැන්මෙන් ද ඉවසීමෙන් ද කරුණා ගුණයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද අවංක ප්‍රේමයෙන් ද සත්‍ය වචනයෙන් ද දේව බලයෙන් ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තුගන්වමු.
මේ කීම සැබෑ ය. මේ කාරණය නිසා ඔවුන් ජුදෙව් මිථ්‍යා ප්‍රබන්ධ ද, සත්‍යයට පිටු පාන මිනිසුන්ගේ උපදෙස් ද නොසලකා,