ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.
2 කොරින්ති 1:2 - Sinhala New Revised Version 2018 අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා! Sinhala New Revised Version අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා! සිංහල කාලීන පරිවර්තනය අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහ ලැබේවා; සාමය වේවා! Sinhala Revised Old Version අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. |
ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.
එවිට තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසයි පිට ආත්මයක් ආවේශ වී ඔහු කතා කරමින්, “දාවිත් රජතුමෙනි, අපි ඔබේ පක්ෂයට ද ජෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟ ද සිටින්නෙමු. සාමදානය, සාමදානය ම ඔබට වේ වා! ඔබට උපකාර කරන්නන්ටත් සාමදානය වේ වා! මන්ද, ඔබේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේකැ”යි කීවේ ය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන ඔවුන් හමුදාවේ ප්‍රධානීන් කෙළේ ය.
දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!
කරුණාවේ පියාණන් වූ ද, සකල සැනසීම දෙන දෙවියන් වූ ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!
යම් පමණ දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නෝ ද ඒ හැමට සාමදානයත්, දයාවත් වේ වා! දෙවියන් වහන්සේගේ මුළු සෙනඟටත් එසේ ම වේ වා!
පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා!
අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
කොලොස්සියේ සිටින, ක්‍රිස්තියානි ඇදහිලිවන්ත සහෝදර සැදැහැවතුන් වෙත ලියා එවමු. අප පියාණන් වන දෙවියන් වහන්සේගෙන් කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!
දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාව සහ ශාන්තිය ඔබට වේ වා!
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!