මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
2 කොරින්ති 1:16 - Sinhala New Revised Version 2018 මසිදෝනියට යන ගමනේ දී ද ආපසු එන විට ද ඔබ දැකබලාගැනීමට මම අදහස් කෙළෙමි. තවද ජුදයට මා යන ගමනේ දී ඔබගෙන් ආධාර ලබාගන්නට මම බලාපොරොත්තු වෙමි. Sinhala New Revised Version මසිදෝනියට යන ගමනේ දී ද ආපසු එන විට ද ඔබ දැකබලාගැනීමට මම අදහස් කෙළෙමි. තවද ජුදයට මා යන ගමනේ දී ඔබගෙන් ආධාර ලබාගන්නට මම බලාපොරොත්තු වෙමි. සිංහල කාලීන පරිවර්තනය මට ඕනෑ වූයේ, මකිදෝනිය බලා මා යද්දී ඔබ වෙත එන්නටත්, මකිදෝනියේ සිට ආපසු එද්දී යළි ඔබ වෙත එන්නටත්, එතැන් සිට යුදය දක්වා මගේ ගමන ඔබ ලවා ඇරලවා ගන්නටත් ය. Sinhala Revised Old Version නුඹලා වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් නුඹලා ළඟට ඇවිත් යුදයට යනගමනේදී නුඹලා විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි. |
මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර,
මන්ද, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ සෙනඟ අතර සිටින දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මසිදෝනියේත් ග්‍රීසියේත් සභාවන් තීරණය කර ඇත.
එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි.