පූජකවරු ස්වර්ගය දෙසට දෑත් ඔසවා තමන්ගේ ජාතිය සඳහා නිතර ම සටන් කළ තැනැන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ. “සියල්ලට අධිපති වූ කිසිදු දෙයක අවශ්‍යතාවක් නැත්තා වූ ද සමිඳාණන් වහන්ස, අප අතර ඔබට වාසස්ථානයක් වශයෙන් දේව මාලිගාවක් තිබිය යුතු බව ඔබ වහන්සේ අදහස් කළ සේක.