ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 9:2 - Sinhala New Revised Version 2018

සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා දුන්නේ ය. ඈට තෝරා දිය නොහැකි කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා දුන්නේ ය. ඈට තෝරා දිය නොහැකි කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට තෝරා කීයේය. ඈට පැහැදිලිකළ නොහැකිවන ලෙස කිසිවක් සාලමොන්ගෙන් සැඟවී නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 9:2
12 හුවමාරු යොමු  

බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි.


දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක.


ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.


සලමොන්ගේ ප්‍රඥා මහිමය ද ඔහු විසින් ගොඩනඟන ලද මාලිගාව ද ඔහුගේ මේසයේ කෑම ද,


නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.


මිනිසාගේ කියමන්, මහ සයුර මෙන් ගැඹුරු ය, ගලා යන දොළක් වැනි ය, නොසිඳෙන උල්පතක් වැනි ය.


උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, පිටත සිටින අයට සියල්ලක් ම උපමා මඟින් දන්වනු ලැබේ.


උපමාවක් නැති ව උන් වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළ සේක. එහෙත්, උන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන් සේක.


මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි.


උන් වහන්සේ තුළ ප්‍රඥාවේත් දැනගැන්මේත් සකල ධන සම්භාරය නිදන් වී ඇත.


දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.


ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.