හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.
2 ලේකම් 9:13 - Sinhala New Revised Version 2018 සලමොන් රජුට ව්‍යාපාරික වෙළෙන්දන්ගෙන් ද වෙනත් වෙළෙන්දන්ගෙන් ද ලැබුණු රත්රන් හැර, අවුරුද්දකට ලැබුණු රත්රන්වල බර කිලෝග්‍රෑම් විසිතුන්දහසක් පමණ වේ. Sinhala New Revised Version සලමොන් රජුට ව්‍යාපාරික වෙළෙන්දන්ගෙන් ද වෙනත් වෙළෙන්දන්ගෙන් ද ලැබුණු රත්රන් හැර, අවුරුද්දකට ලැබුණු රත්රන්වල බර කිලෝග්‍රෑම් විසිතුන්දහසක් පමණ වේ. Sinhala Revised Old Version සාලමොන්ට ගමන්කාර වෙළෙන්දන්ගෙන්ද වෙනත් වෙළඳුන්ගෙන්ද ලැබුණ රන් හැර අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය. |
හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.
ෂෙබාහි රැජින සලමොන් රජුට ගෙනා දේවල් වෙනුවට දුන් ඒවා හැර, ඈ සිතූපැතූ සියල්ලත් රජතුමා ඈට දුන්නේ ය. ඉන්පසු ඇගේ සේවකයෝත්, ඈත් හැරී තමන්ගේ දේශයට යන්නට ගියෝ ය.
තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
එතුමා චිරාත් කාලයක් ජීවත් වේ වා! ෂෙබාහි රත්රන් එතුමාට පුදනු ලැබේ වා! නිරතුරු එතුමා උදෙසා අයැදුම් කරනු ලැබේ වා! දවස පුරා ආසිරි පතනු ලැබේ වා!