ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 6:18 - Sinhala New Revised Version 2018

“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වසනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊටත් වඩා කොපමණ මදිද!

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 6:18
21 හුවමාරු යොමු  

“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?


අපේ දෙවියන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා මා ගොඩනඟන මාලිගාවත් විශාල ය.


එහෙත්, ස්වර්ගයට ද අති උසස් ස්වර්ගයට ද උන් වහන්සේ දරන්න අවකාශ තිබෙද්දී උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න කවරෙකු හට පුළුවන්කම තිබේ ද? උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීමට මිස, වෙන කුමන හේතුවක් නිසා උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න මම කවරෙක් ද?


එබැවින් ඔබ රවටන්න වත්, මෙලෙස ඔබ පොළඹවන්න වත් හෙසකියාට ඉඩ නොදෙන්න. ඔහු විශ්වාස නොකරන්න. මන්ද, කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවි කෙනෙකුට වත් තමාගේ සෙනඟ මාගේ අතින් වත්, මාගේ පියවරුන්ගේ අතින් වත් ගළවාගන්න පුළුවන් නො වී ය. එසේ නම්, ඔබේ දෙවියන් වහන්සේ ඔබ හැම මාගේ අතින් ගළවන්නේ කෙසේ දැ”යි කීවේ ය.


එබැවින් දැන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවා වූ දාවිත්ට ඔබ වදාළ ඔබේ වචනය ස්ථිර වේ වා!


එහෙත්, මාගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා, ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම ද යාච්ඤාව ද ඇසුව මැනව.


එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද? ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති.


එසේ නම්, එතුමන් සමඟ සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද් ද?


එතුමාණෝ අල්ලාගත් සිරකරුවන් උස් කන්දට ගෙන ගිය සේක. කැරලිකරුවන්ගෙන් පඬුරු ලැබූ සේක. දෙවි සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.


උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.


සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?


මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?


එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති.


මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?”


ලෝකය ද එහි සියල්ල ද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ව සිටින බැවින්, උන් වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක.


දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.