ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 4:18 - Sinhala New Revised Version 2018

මෙසේ සලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේ ය. ලෝකඩවල බර දැනගත නොහැකි විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ සලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේ ය. ලෝකඩවල බර දැනගත නොහැකි විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ සාලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේය. පිත්තලවල බරද දැනගත නොහැකි විය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 4:18
5 හුවමාරු යොමු  

ඒ සියලු බඩු ඉතා විශාල ගණනක් වූ බැවින් සලමොන් රජ ඒවා කිරුවේ නැත. ලෝකඩවල බර ද දැනගත්තේ නැත.


මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.


දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය.


ජොර්දාන් සමභූමියෙහි සුක්කොත් ද ශෙරෙදා ද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තු කරවී ය.


සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සෑදූ කුලුණු දෙක ද ලෝකඩ තටාකය ද මැසි ද මැසි යට තිබුණු ලෝකඩ ගව රූප දොළොස ද යන භාණ්ඩ වල ලෝකඩ කිරන්නට බැරි තරම් බර ය.