ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 32:9 - Sinhala New Revised Version 2018

මින්පසු අසිරියාවේ රජ වන සෙනකෙරීබ් තෙම තමාගේ මුළු සේනාව ඇති ව ලාකීෂ් ඉදිරිපිට සිටිය දී, ජෙරුසලමෙහි සිටි ජුදාහි රජ වන හෙසකියාටත්, ජෙරුසලමෙහි සිටි සියලු ජුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත මෙසේ කියා යැවී ය:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මින්පසු අසිරියාවේ රජ වන සෙනකෙරීබ් තෙම තමාගේ මුළු සේනාව ඇති ව ලාකීෂ් ඉදිරිපිට සිටිය දී, ජෙරුසලමෙහි සිටි ජුදාහි රජ වන හෙසකියාටත්, ජෙරුසලමෙහි සිටි සියලු ජුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත මෙසේ කියා යැවී ය:

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මින්පසු අෂූර්හි රජවූ සෙනකෙරිබ් තෙම තමාගේ මුළු සේනාව ඇතුව ලාකීෂ් ඉදිරිපිට සිටියදී, යෙරුසලමෙහි සිටි යූදාහි රජවූ හෙසකියාටත් යෙරුසලමෙහි සිටි සියලු යූදාවරුන්ටත් තමාගේ සේවකයන් අත කියා යවනුයේ:

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 32:9
9 හුවමාරු යොමු  

එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.


අදොරයිම්, ලාකීෂ්, අශේකා;


“අසිරියාවේ රජ වන සෙනකෙරීබ් මෙසේ කියන්නේ ය: ඔබ ජෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාස කරගෙන ද?


ඉන්පසු ඔහු තමාගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට ජෙරුසලමට යවා හෙසකියා රජුට යටත් වන ලෙස බලකරන්නට යයි නියම කෙළේ ය. ඔහු ගොස් අපුල්ලන්නාගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිටියේ ය.


අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය.


අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.


ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාහි සිට ලාකීෂ් නගරයට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.


ජර්මුත්හි රජ; ලාකීෂ්හි රජ;


ලාකීෂ් ද බොශ්කාත් ද එග්ලොන් ද