ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 32:32 - Sinhala New Revised Version 2018

හෙසකියාගේ අනික් ක්‍රියා ද ඔහුගේ භක්තිමත් කෘත්‍යයන් ද ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයාගේ දර්ශන පොතෙහි ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ද ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හෙසකියාගේ අනික් ක්‍රියා ද ඔහුගේ භක්තිමත් කෘත්‍යයන් ද ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයාගේ දර්ශන පොතෙහි ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ද ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ භක්තිමත් කෘත්‍යන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘතැනගේ දර්ශන පොතෙහිද යූදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහිද ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 32:32
9 හුවමාරු යොමු  

හෙසකියාගේ අනෙක් ක්‍රියා ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටි ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?


උශ්ශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොස්ගේ පුත් දිවැසිවර යෙසායා විසින් ලියන ලද්දේ ය.


එසේ වුවත්, දේශයෙහි සිද්ධ වූ ආශ්චර්යය ගැන විභාග කරන්න බබිලෝනියේ අධිපතීන් ඔහු ළඟට තානාපතීන් එවූ කල, ඔහුගේ සිතුම් පැතුම් සියල්ල දැන ගන්න පිණිස දෙවියන් වහන්සේ ඔහු සෝදිසි කිරීමට පමණක් ඔහු අත්හැරිය සේක.


හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.


ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ. ජොෂියාගේ අනික් ක්‍රියා ද සමිඳාණන් වහන්සේගේ ව්‍යස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩ ද,