මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය.
2 ලේකම් 3:16 - Sinhala New Revised Version 2018 දිව්‍ය-වාක්‍යස්ථානයෙහි තිබුණ පරිදි ඔහු දම්වැල් සාදා ඒවා කුලුණු මුදුන්වල තබා දෙළුම් සියයක් ලෝකඩවලින් සාදා ඒවා දම්වැල්වල එල්ලුවේ ය. Sinhala New Revised Version දිව්‍ය-වාක්‍යස්ථානයෙහි තිබුණ පරිදි ඔහු දම්වැල් සාදා ඒවා කුළුණු මුදුන්වල තබා දෙළුම් සියයක් ලෝකඩවලින් සාදා ඒවා දම්වැල්වල එල්ලුවේ ය. Sinhala Revised Old Version දේව වාක්‍යස්ථානයෙහි ඔහු දම්වැල් සාදා, ඒවා කුළුනු මුදුන්වල තබා දෙළුම් සියයක් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේය. |
මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය.
කුලුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.
මාලිගාව ඉදිරිපිට ඔහු මීටර් පහළොවයි දශම පහක් උස ඇති කුලුණු දෙකක් සෑදුවේ ය. එක එකේ මුදුන පිට තිබුණ පේකඩය මීටර් දෙකයි දශම දෙකකි.
ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුලුණු, එකක් දකුණු පැත්තේ ද එකක් වම් පැත්තේ ද පිහිටුවා, දකුණු පැත්තේ එකට, ‘එතුමාණෝ පිහිට වන සේක’ යන අර්ථය ඇති ‘ජාකීන්’ යන නම ද, වම් පැත්තේ එකට, ‘එහි ශක්තිය තිබේ’ යන අර්ථය ඇති ‘බෝවස්’ යන නම ද තැබී ය.
ඒ වැඩ නම්, කුලුණු දෙක ද, කුලුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුලුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද,
කුලුණු පිට තිබුණු පේකඩවල ගෝල වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද යන මේවා ය.