ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය.
2 ලේකම් 28:3 - Sinhala New Revised Version 2018 ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පු කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේ ය. Sinhala New Revised Version ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පු කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේ ය. Sinhala Revised Old Version ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය. |
ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය.
කිසිවෙකු තමාගේ පුත්‍රයෙකු වත්, දුවක වත් මොලෙක් දෙවියාට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයන්ගේ මිටියාවතෙහි තිබුණ තොපෙත් නම් ගිනි උදුන දූෂ්‍ය කෙළේ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය.
පූජකයන්ගේ සියලු ප්‍රධානීහු ද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා හැටියට බොහෝ සේ අපරාධ කරමින්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමෙහි විශුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝ ය.
යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”
ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.
නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.
දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද? මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද?
ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.
තම පුත්‍රයා හෝ දුව හෝ ගින්නෙන් දවා පූජා කරන්නෙකු වත්, පේන කියන්නෙකු වත්, නැකත් බලන්නෙකු වත්, ශාස්ත්‍රකාරයෙකු වත්, කොඩිවිනකාරයෙකු වත්,
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය.
එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි.
ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.
ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය.