එකල එප්‍රායිම්වරුන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙකු වූ ජොහානාන්ගේ පුත් අශරියා ද මෙෂිල්ලේමොත්ගේ පුත් බෙරෙකියා ද ෂල්ලුම්ගේ පුත් ජෙහිස්කියා ද හද්ලයිගේ පුත් අමාසා ද යුද්ධයෙන් ආ අයට විරුද්ධ ව නැඟිට සිට,
එකල එප්‍රායිම් පුත්‍රයන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙක් වූ යොහානාන්ගේ පුත්‍රවූ අසරියාද මෙෂිල්ලේ-මොත්ගේ පුත්‍රවූ බෙරෙකියාද ෂල්ලුම්ගේ පුත්‍රවූ යෙහිස්කියාද හද්ලයිගේ පුත්‍රවූ අමාසාද යුද්ධයෙන් ආ අයට විරුද්ධව නැගිට සිට,
දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ කාණ්ඩවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.
එබැවින් මට ඇහුම්කන් දී ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේ ය”යි කීවේ ය.
ඔවුන්ට කතා කොට, “අල්ලාගෙන ආ තැනැත්තන් මෙහි නොගෙනා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අප කළ වරද හැර, අපේ පාප සහ අපේ අපරාධ වැඩි කරන්න ඔබ සිතන්නහු ය. අපේ අපරාධය බරපතල ය, දේව උදහස ද ඉශ්රායෙල් කෙරෙහි තිබේ ය”යි කීවෝ ය.
එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යයෝ නැඟිට, අසුවුණ අය කැඳවාගෙන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍ර දී, ඔවුන්ට හඳවා, ඔවුන්ට වහන් ද කෑම බීම ද දී, තෙල් ගා, බෙලහීන ව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවුත්, පසු ව සමාරියට හැරී ගියෝ ය.
එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ ”