ඔවුන් යටතේ සතුරාට විරුද්ධ ව රජුට උදව් වන පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් තුන්ලක්ෂ හත්දහස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් ඔහුට සිටියේ ය.
2 ලේකම් 26:14 - Sinhala New Revised Version 2018 උශ්ශියා ඒ මුළු සේනාවට පලිස් ද හෙල්ල ද තොප්පි ද යුද්ධ සැට්ට ද දුනු ද විසි කිරීමට ගල් ද පිළියෙළ කෙළේ ය. Sinhala New Revised Version උශ්ශියා ඒ මුළු සේනාවට පලිස් ද හෙල්ල ද තොප්පි ද යුද්ධ සැට්ට ද දුනු ද විසි කිරීමට ගල් ද පිළියෙළ කෙළේ ය. Sinhala Revised Old Version උස්සියා ඒ මුළු සේනාවට පලිස්ද හෙල්ලද තොප්පිද යුද්ධ සැට්ටද දුනුද වීසිකිරීමට ගල්ද පිළියෙළ කෙළේය. |
ඔවුන් යටතේ සතුරාට විරුද්ධ ව රජුට උදව් වන පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් තුන්ලක්ෂ හත්දහස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් ඔහුට සිටියේ ය.
තවද, ඔහු ඊගස්වලින් ද ලොකු ගල්වලින් ද විදින පිණිස මුරකොටු උඩත්, කොත් උඩත් තැබීමට දක්ෂ මිනිසුන් විසින් නිපදවන ලද යන්ත්‍ර ජෙරුසලමෙහි සෑදෙව්වේ ය. ඔහුගේ කීර්තිය දස දෙස පතළ ව ගියේ ය. මන්ද, ඔහුට සවි ශක්තිය ලැබුණේ ඉතා පුදුමාකාර මාර්ගයකින් බැවිනි.
එහි මැද හිස දැමීමට සිදුරක් තිබිය යුතු අතර මේ සිදුර නොඉරෙන පිණිස, හම් කබායක සිදුර මෙන් එය වට වියන ලද වාටියක් තිබිය යුතු යි.
රථවල අසුන් බැඳගන්න; අසරුවෙනි, යුද හිස් වැසුම් දමාගෙන පෙළ ගැසී සිටින්න; හෙල්ල තියුණු කරගන්න; යුද සැට්ට හැඳගන්න.
මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය.
මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි.