ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.
2 ලේකම් 24:26 - Sinhala New Revised Version 2018 ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කළ අය නම්, අම්මොනිය ස්ත්‍රියක වන ෂිමෙයාත්ගේ පුත් සාබාද් සහ මෝවබිය ස්ත්‍රියක වන ෂිම්රීත්ගේ පුත් ජෙහෝශාබාද් ය. Sinhala New Revised Version ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කළ අය නම්, අම්මොනිය ස්ත්‍රියක වන ෂිමෙයාත්ගේ පුත් සාබාද් සහ මෝවබිය ස්ත්‍රියක වන ෂිම්රීත්ගේ පුත් ජෙහෝශාබාද් ය. Sinhala Revised Old Version ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකළ අය නම්: අම්මොනිය ස්ත්‍රියෙක් වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ සාබාත් සහ මෝවබිය ස්ත්‍රියෙක් වන ෂිම්රීත්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ය. |
ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.
ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය.
ඔහුගේ පුත්‍රයන් ගැන ද, ඔහු පිට තබන ලද විශාල වගකීම සහ දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවනුව ගොඩනැඟීම ගැන ද රාජාවලී අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.