2 ලේකම් 23:9 - Sinhala New Revised Version 2018 එවිට ජෙහෝයාදා පූජකයා දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල ද කුඩා පලිස් සහ මහ පලිස් ද ශතාධිපතීන්ට දී, Sinhala New Revised Version එවිට ජෙහෝයාදා පූජකයා දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල ද කුඩා පලිස් සහ මහ පලිස් ද ශතාධිපතීන්ට දී, Sinhala Revised Old Version යෙහෝයාදා පූජකයා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල සහ පලිස්ද මහ පලිස්ද ශතාධිපතීන්ටදී, |
සලමොන් රජ තෙම තැළූ රන් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහ සෑදීමට තැළූ රන් කිලෝග්‍රෑම් හතක් යොදන ලදී.
මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය.
ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය.
පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.