ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.
2 ලේකම් 20:31 - Sinhala New Revised Version 2018 ජෙහෝෂාපාට් ජුදා දේශයෙහි රජකම් කෙළේ ය. ඔහු සිංහාසනාරූඪ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය. Sinhala New Revised Version ජෙහෝෂාපාට් ජුදා දේශයෙහි රජකම් කෙළේ ය. ඔහු සිංහාසනාරූඪ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය. Sinhala Revised Old Version යෙහෝෂාපාට් යූදා කෙරෙහි රජකම්කෙළේය. ඔහු රජවෙනකල අවුරුදු තිස්පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මෑණියන්ගේ නම අසූබාය, ඈ ෂීල්හිගේ දුවය. |
ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.