ඔහු කතා කොට, “සියලු ජුදාවරුනි, ජෙරුසලම් වැසියෙනි, ජෙහෝෂාපාට් රජතුමෙනි, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ හැමට මෙසේ කියන සේක: ‘මේ විශාල සමූහය නිසා බිය නොවන්න; නොකැළඹෙන්න, මන්ද, මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන් වහන්සේගේ වන බැවිනි.
2 ලේකම් 20:16 - Sinhala New Revised Version 2018 හෙට ඔවුන්ට විරුද්ධ ව යන්න. බලන්න, ඔව්හු ශීශ් නම් බෑවුමෙන් නැඟී එති; ජෙරුයෙල් පාළුකරය ඉදිරිපිට මිටියාවතේ කෙළවර දී ඔව්හු ඔබ සියල්ලන්ට සම්බ වන්නෝ ය. Sinhala New Revised Version හෙට ඔවුන්ට විරුද්ධ ව යන්න. බලන්න, ඔව්හු ශීශ් නම් බෑවුමෙන් නැඟී එති; ජෙරුයෙල් පාළුකරය ඉදිරිපිට මිටියාවතේ කෙළවර දී ඔව්හු ඔබ සියල්ලන්ට සම්බ වන්නෝ ය. Sinhala Revised Old Version හෙට ඔවුන්ට විරුද්ධව යන්න. බලව, ඔව්හු ශීශ් නම් නැගුමෙන් නැගී එති; යෙරුයෙල් කාන්තාරයට ඉස්සරහපිට මිටියාවතේ කෙළවරදී ඔව්හු නුඹලාට සම්බවන්නෝය. |
ඔහු කතා කොට, “සියලු ජුදාවරුනි, ජෙරුසලම් වැසියෙනි, ජෙහෝෂාපාට් රජතුමෙනි, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ හැමට මෙසේ කියන සේක: ‘මේ විශාල සමූහය නිසා බිය නොවන්න; නොකැළඹෙන්න, මන්ද, මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන් වහන්සේගේ වන බැවිනි.
ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක.