ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
2 ලේකම් 18:5 - Sinhala New Revised Version 2018 එකල ඉශ්රායෙල් රජ ගණනින් හාරසියයක් වන දිවැසිවරුන් රැස් කොට, “අප යුද්ධය පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නොහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. ඔව්හු ද, “ගියමැනව; දෙවියන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය. Sinhala New Revised Version එකල ඉශ්රායෙල් රජ ගණනින් හාරසියයක් වන දිවැසිවරුන් රැස් කොට, “අප යුද්ධය පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නොහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. ඔව්හු ද, “ගියමැනව; දෙවියන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය. Sinhala Revised Old Version එකල ඉශ්රායෙල් රජ ගණනින් හාරසියයක්වූ ප්‍රොපේතවරුන් රැස්කොට: අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නොහොත් මා නොගොස් සිටින්ටදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හුද: ගිය මැනවි; දෙවියන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය. |
ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල් කන්දට රැස් කරන්නැ”යි කී ය.
රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, “මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, “එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය.
ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නැතහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔහුගෙන් ඇසුවේ ය. ඔහු ද, “ගොස් ජයගන්න. ඔව්හු ඔබ අතට පාවා දෙනු ලබන්නෝ ය”යි කී ය.
තවද, ජෙහෝෂාපාට් කතා කොට, “සටනට යෑම ගැන අද සමිඳාණන් වහන්සේගෙන් විචාළ මැනවැ”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.
එහෙත්, ජෙහෝෂාපාට් කතා කොට, “මොවුන් හැර අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ වෙන දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසුවේ ය.
ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.
“සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.
මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.
ඔබේ ප්‍රාණවලට හානිවන විධියට ඔබ නොමඟ ගොස් ඇත. ‘අපේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සියල්ල ඒ හැටියට අපට දන්වන්න. අපි එය කරන්නෙමු’යි ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට කන්නලව් කිරීමට ඔබ මා යැවුවහු ය.
“ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.
“බොරුවෙන් ද වංචාවෙන් ද පිරුණ, නුඹලාට ‘මුද්‍රික පානයත්, සුරා පානයත් ගලා එනු ඇතැ යි මම දිවැස් දෙසමි’යි කියමින් සිටින යම් මිනිසෙක් වේ නම්, සෙනඟ ප්‍රිය කරන දිවැසිවරයා එවැන්නෙකි.
එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.
මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය.
එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.