2 ලේකම් 18:32 - Sinhala New Revised Version 2018 ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳයාමෙන් ආපසු හැරුණෝ ය. Sinhala New Revised Version ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳයාමෙන් ආපසු හැරුණෝ ය. Sinhala Revised Old Version ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳ යාමෙන් ආපසු හැරුණෝය. |
රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක.
එහෙත්, එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා, නොදැන ම ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රථාචාර්යාට කතා කොට, ඔබ ආපසු හැරී, සේනාවෙන් පිටතට මා ගෙන යන්න. මන්ද, මට හොඳට ම තුවාළ ය”යි කීවේ ය.