ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 18:3 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් රජ වන ආහබ් ජුදාහි රජ වන ජෙහෝෂාපාට්ට නැවත කතා කොට, “ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසුවේ ය. ඔහු ද උත්තර දෙමින්, “මමත් ඔබ මෙන් සටනට සූදානම් ය; මාගේ සෙනඟත්, ඔබේ සෙනඟ මෙන් සටනට සූදානම් ය. යුද්ධයේ දී අපි ඔබ සමඟ සිටින්නෙමු”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් රජ වන ආහබ් ජුදාහි රජ වන ජෙහෝෂාපාට්ට නැවත කතා කොට, “ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසුවේ ය. ඔහු ද උත්තර දෙමින්, “මමත් ඔබ මෙන් සටනට සූදානම් ය; මාගේ සෙනඟත්, ඔබේ සෙනඟ මෙන් සටනට සූදානම් ය. යුද්ධයේ දී අපි ඔබ සමඟ සිටින්නෙමු”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් රජවූ ආහබ් නැවත යූදාහි රජවූ යෙහෝෂාපාට්ට කථාකොට: ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. ඔහුද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය; යුද්ධයේදී අපි ඔබ සමඟ සිටින්නෙමුයයි ඔහුට උත්තරදුන්නේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 18:3
9 හුවමාරු යොමු  

ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.


රාමොත්-ගිලියද්හි සිටි බෙන්‍-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.


තවද, ඔහු ගොස් ජුදාහි රජු වන ජෙහෝෂාපාට් වෙත පණිවුඩයක් යවමින්, “මෝවබ්හි රජ මට විරුද්ධ ව කැරලි ගැසී ය. ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධ ව යුද්ධයට යන්නෙහි දැ”යි අසා ඇරියේ ය. ඔහු ද, “යන්නෙමි. මම ඔබ මෙන් සූදානම් ය. මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ද, මාගේ අශ්වයෝත් ඔබේ අශ්වයන් මෙන් ද සූදානම් ය”යි කී ය.


අවුරුදු ගණනකට පසු ඔහු සමාරියේ විසූ ආහබ් වෙත ගියේ ය. එවිට ආහබ් ඔහු ද ඔහු සමඟ සිටි සෙනඟ ද උදෙසා බොහෝ බැටළුවන් ද ගවයන් ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්න ඔහු පෙළඹෙව්වේ ය.


තවද, ජෙහෝෂාපාට් කතා කොට, “සටනට යෑම ගැන අද සමිඳාණන් වහන්සේගෙන් විචාළ මැනවැ”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.


එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.


සමිඳුනි, ඔබට වෛර කරන්නන්ට මම වෛර නොකරම් ද? ඔබට විරුද්ධ ව නැඟිටින්නන්ට මම විරුද්ධ නොවෙම් ද?


අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.