2 ලේකම් 16:5 - Sinhala New Revised Version 2018 බාෂා රජ එය ඇසූ විට, ඔහු රාමා නගරය ගොඩනැඟීමෙන් නැවතී තම වැඩ අත් හිටවී ය. Sinhala New Revised Version බාෂා රජ එය ඇසූ විට, ඔහු රාමා නගරය ගොඩනැඟීමෙන් නැවතී තම වැඩ අත් හිටවී ය. Sinhala Revised Old Version බයෙෂා ඒ ඇසූ විට ඔහු රාමා නගරය ගොඩනැගීමෙන් නැවතී තමාගේ වැඩ අත්හිටෙවුවේය. |
එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය.
එවිට ආසා රජ සියලු ජුදාවරුන් කැඳවාගෙන ගොස්, බාෂා ගොඩනැඟුවා වූ රාමාහි ගල් ද ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබා ද මිශ්පා ද යන නගර ගොඩනැඟුවේ ය.